Monday, June 1, 2015

උත්තරීතර හුදකලාව!...

බුදුරජානන්වහන්සෙ හුදකලාභාවය ඉතා ඉහලින් අගය කර ඇත.
කුමක්ද මේ හුදකලාව කියන්නෙ.? තනියම පැත්තකට වෙලා ඉන්න එකද?
නැහැ,
ශාරීරික වශයෙන් පමණක් හුදකලාවීම නොවේ. කිසිවෙක් හුදකලා නැත. නිතරම
දෙවැන්නෙක් සමග ජීවත් වෙයි. අපගේ අභ්‍යයන්තර ගෝෂාව ඇති කරමින් මේ
දෙවැන්නා නිදා නොසිටින හැම විටම අප සමග සංවාද කරයි.
නිතරම අතීතය සහ අතීත සිද්ධි ගෙන ඒ සමග පැටලේ. නැත්නම් අනාගතය ගැන කල්පනා
කරයි. ඒ නිසා කිසිම විටක හුදකලා නොවෙයි. හරකා උදේ සිට උලා කමින් සිට
රාත්‍රියට වමාරා කයි. එලෙසම මිනිසුන් හැම විටම අතීතය වමාරා කයි.
මිනිසුන්ගේ මේ අතීතය වමාරා කෑම මනෝසංචේතනා ආහාරය ලෙස ධර්මයේ හැදින්වේ.
මේ මනෝසංචේතනා ආහාරයෙන් වැළකී,අතීතය සහ අනාගතය කල්පනා නොකරමින් මේ මොහොතේ
ජීවත්වීම උත්තරීතර හුදකලාවයි. මේ මොහොත යනු කාලය නොවෙයි.
උදාහරනයක් ලෙස චිත්‍රපටියක් නරඹනවා යැයි සිතන්න. හිස් තිරය මත නොයෙක්
ජවනිකා ගලායයි. ඔබ තිරය දෙස බලා සිටී. මේ තිරයයි මේ මොහොත. ජීවිත
චිත්‍රපටිය ගලා යයි.ඔබ නිතරම ඉන්නෙ මේ මොහොතෙයි. ඔබට දකින්න ලැබෙන්නෙ මේ
මොහොතේ තිරයේ ඇති දර්ශනය පමනකි. චිත්‍රපටි කථාව හදන්නෙ ඔබයි. ඒ සදහා ඔබ
අතීතය සමග නිතරම මේ මොහොත ගැට ගසයි. මෙන්න මේ කතාව හැදීමෙන් වැලකී,අතීතය
සමග මේ මොහොත ගැට ගැසීම නැවතීමයි උත්තරීතර හුදකලාව.
මෙය ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ.සැබෑ විදර්ශනා භාවනාව මෙයයි. මේ මොහොතේ
ඔබගේ ඉන්ද්‍රිය ආරම්මන කෙරෙහි පමනක් සිහිය පිහිටුවීම. අරමුණු ඇතිවීම සහ
එතනම ඉතිරි නැතුව නිරෝධවීම දකිමින් සිටීමයි මෙහිදී සිදුවන්නෙ.

බුදු බණ කොහෙන් කැරකී ආවත් එක තැනටයි එන්නෙ. දැකීම දැකීමක් පමනක්ද,ඇසීම
ඇසීමක් පමනක්ද,දැනීම දැනීමක් පමනක්ද,සිතීම සිතීමක් පමනක්ද වන්නේ මේ
උත්තරීතර හුදකලාවේදීය.
හැකිතාක් මේ මොහොතට එන්නට උත්සහා කරමු.

තෙරුවන් සරණයි!

© Sarath Kohilawaththage

1 comment:

  1. J-Mo Casino: 50% Welcome Bonus + 25 FS + 25 FS
    J-Mo Casino: 50% Welcome 청주 출장안마 Bonus + 25 FS + 대구광역 출장샵 25 FS + 오산 출장마사지 25 FS + 25 FS + 25 FS + 25 FS + 25 안양 출장샵 FS + 25 FS + 25 FS + 25 FS + 25 FS + 25 FS + 부산광역 출장마사지 25.

    ReplyDelete