ජපානයේ ශීත සෘතුවේ එක්තරා හිමිනමක් ගම්බද පන්සලකට රාත්‍රියේ නවාතැන්
ගැනීමට වැඩිය.මේ පන්සලේ එක හාමුදුරුනමයි හිටියේ.තිබුනෙ කුඩා
කාමරයක්.ඉතින් ආගන්තුක හිමියන්ට නවාතැන් දෙන්න තැනක් තිබුනෙ නැහැ.ඒ නිසා
බුදුගෙය ඇරල එහි කැමතිනම් නවාතැන් ගන්නා ලෙස ආගන්තුක හිමියන්ට ඉඩ දුන්න.
බුදුගෙයි නවාතැන් ගත් හමුදුරුවන්ට හරිම ශීතලයි.ඉවසන්න බැහැ.ඉතින් වටපිට
බැලුව ගිණි මැලයක් ගහ ගන්න වත් පුලුවන්ද කියල.බුදු කුටියෙ බුද්ධ රූප
තිබුනෙ ලී වලින්.මෙයින් බුද්ධ රූප කිහිපයක් කඩා ගොඩ ගහල ගිණි මැලයක්
පත්තු කලා.මේ ශබ්දය ඇහුන පන්සලේ ඉන්න හාමුදුරුවො බුදු ගෙට දුවගෙන
ආව.බලනකොට බුදුපිලිම කඩල ඒවායින් ගිණි තපිනව.
හොදටම කේන්ති ගිය පන්සලේ හාමුදුරුවො මේ කොහෙද යන පිස්සෙක් පන්සලට ඇවිත්
කියල,අර ආගන්තුක හාමුදුරුවන්ව එලියට ඇදල දැම්මා.
පසු දින උදේ පන්සලේ වසන හාමුදුරුවො එළියට බහින කොට අර ආගන්තුක හිමියන්
වැටේ තියන ලොකු කොටයකට මල් පුජා කරල වැදගෙන ඉන්නව.
මේ හාමුදුරුවො කිව්ව මේ මිනිහට නම් පිස්සුම තමයි කියල, ඇහුව මොනවද ඔය කරන්නෙ කියල.
එතකොට ආගන්තුක හාමුදුරුවො කියනව, ඔබ බුදුන් කියල වදින්නෙත් ලී කොට වලට
,ඉතින මමත් මේ ලී කොටයට මල් පුජා කලා.එකම වෙනස ඔබ කොටයේ තියන රූපයක් මතු
කරගෙන බුදුන් කියනව,මම ලී කොටය ඇතුලෙ ඉන්දිම බුදුන් දකිනව.එපමනයි.
© Sarath Kohilawaththage
ප්‍රඥා මාර්ගයේ ගමන් කරන සහ ගමන් කිරීමට කැමති ඔබ සඳහාමය. ලොව පවතින දර්ශනයන් අතුරින් පරම සත්යය මැනවින් පෙන්වා දෙන , බුදුදහම ඇසුරින් මෙහි පළකිරීම් සිදුකෙරේ. ඔබට නැගෙන දහම් ගැටළු ද මේ හරහා ඔබට ඉදිරිපත් කළ හැකියි. (ප්‍රධාන සම්පත් දායකයා වන්නේ සරත් කොහිලවත්තගේ මහතා ය.) ඔබ සැමට තෙරුවන් සරණයි!
Wednesday, July 1, 2015
බුදුන් වහන්සේ ...
මේ සියලු ගැටලු තියෙන්නෙ බුදුන් කියා පුද්ගලයෙක් අල්ලා ගැනීම
නිසයි.බුදුන් කියා පුද්ගලයෙක් නැත.බුදුන්
රූපයේද,වේදනාවේද,සංඤාවේද,සංඛාරයේද,විඤ්ඤාණයේද නැත.බුදුන් කිසිවකට කොටුවි
නැත.බුදුන් අනන්තයි,අප්‍රමානයි,අකාලිකයි.බුදුන් දකින්න ඉතිහාසය ගවේෂණය කර
වැඩක් නැත.තමන් තුල,බඹයක් පමන තම ශරීරය තුලම ගවේෂණය
කරන්න.සිත,මනස,විඤ්ඤාණය යන අභ්‍යන්තර වට වලල්ල සොයන්න.පටිච්ච සමුප්පාදය
දකින්න.

MONEY........
Aryan Joshua
Money should not
become the goal,
but I am not saying
at the same time that
you should renounce it
and become beggars..
use it,
it is a good means.
I'm not against money,
I have nothing to say
against it.
I am saying something
about you and
your possessiveness,
not about money.
Money can be beautiful..
if it is not possessed,
if you don't become
obsessed with it.
It can be beautiful.
Money is like
blood circulating in the body:
in the body of society
money circulates,
it is blood.
It helps society to
be enriched,
to be alive..
but it is like blood...
________
Use everything
for its own capacities,
not for your dreams.
Then you are a healthy man,
and to be healthy is to be holy.
Don't be abnormal in any way.
Be normal, ordinary,
and just create
more understanding
so that you can see.
Money can be used,
should be used,
it can give you a beautiful world...
!! OSHO !!
[Tao: The Three Treasures..Vol-2 # 6]
Money should not
become the goal,
but I am not saying
at the same time that
you should renounce it
and become beggars..
use it,
it is a good means.
I'm not against money,
I have nothing to say
against it.
I am saying something
about you and
your possessiveness,
not about money.
Money can be beautiful..
if it is not possessed,
if you don't become
obsessed with it.
It can be beautiful.
Money is like
blood circulating in the body:
in the body of society
money circulates,
it is blood.
It helps society to
be enriched,
to be alive..
but it is like blood...
________
Use everything
for its own capacities,
not for your dreams.
Then you are a healthy man,
and to be healthy is to be holy.
Don't be abnormal in any way.
Be normal, ordinary,
and just create
more understanding
so that you can see.
Money can be used,
should be used,
it can give you a beautiful world...
!! OSHO !!
[Tao: The Three Treasures..Vol-2 # 6]
'අනිත්‍ය' යනු ඇත්තටම කුමක්ද ?
මම ඉතාම කෙටියෙන් කියන්නම්.
අනිත්‍ය කියන්නෙ ඇතිවු තැනම නැතිවීම.ඇසේ ස්පර්ශය එතනම නැතිවෙනව.විඤ්ඤාණය
විසින් නාම-රූපයක් ලෙස ස්පර්ශය මනසට ගෙනියනව.මනසේ මනසිකාරයක් හදනව.ඒ අර
ඇසේ වැටුන චායාව නොවෙයි.මනෝ සංකල්පයක්.ඒකට තමයි කැමති අකැමැති
වෙන්නෙ.අවිද්‍යාව නිසා අනිත්‍ය වු සැබවින්ම නැති දෙයක් සංඛාර කිරීම තමයි
දුක. කැමති / අකැමැති කතාව තියෙන්නෙ තණ්හාව නිසා.තණ්හාව නැති කරන්න බැහැ
අවිද්‍යාව පවතිද්දි. අනිත්‍ය,දුක්ඛ ,අනාත්මය නොදැකීම තමයි අවිද්‍යාව.මේක
හැකිනම් තේරුම් ගන්න.
සැමට තෙරුවන් සරණයි !

මනසේ කටයුතු ගැන කෙටි සටහනක්...
කිහිප දෙනෙකුගේ ඉල්ලිමක් පරිදි මේ කෙටි සටහන ලියන්නෙ.
විඤ්ඤාණය කියන්නෙ වෙන්කර දැන ගැනීමයි.
බාහිර ලෝකය සමග පුද්ගලයා සම්බන්ධ කරන්නෙ විඤ්ඤානයයි.ඉන්ද්‍රියකට බාහිර
රූප චායාවක් ගැටුන තැන මකුලු දැලට සතෙක් පැටලුනාම මකුලුවා දුවගෙන එනව වගේ
විඤ්ඤාණය එතන හට ගන්නව.ඒක ඒ ඉන්ද්‍රිය නාමයෙන් හදුන්ව්නව.ඇසේ නම් චක්ඛු
විඤ්ඤාණය.
ගැටුනු තැනම බාහිර රූප චායාව ඉතිරි නැතුවම නිරෝධ වෙනව.මෙන්න මේ සිදුවීමට
කියනව අනිත්‍යයි කියල.ඒ කියන්නෙ බාහිර රූප චායාව සහ ඇස අතර ගැටුම ආලෝක
වේගයයි.ආලෝකය ඇසේ ප්‍රසාදයේ වැදී එතනම අවසන් වෙනව.ඔබට දිගටම පෙනෙනව වගේ
වෙන්නෙ ආලෝක තරංග ඇතිවීම සහ නැතිවීම වේගවත් නිසා.ඒක හරියට විදුලි
බුබුලකින් දිගටම ආලෝකය එනව වගේ පෙනෙන සිද්ධියට සමානයි.
අපි කතා කරන්නෙ මනස ගැන.මනස ක්‍රියා කරන්න විඤ්ඤානය අවශ්‍යයි.අර
ඉන්ද්‍රිය හයෙන් එකකට එන රූප චායාව එතනම නැති වුනත් විඤ්ඤනාය ඒ රූපය අරන්
මනසට දෙනව.මේ පණිවුඩය මනසට ගිය විට මනස ක්‍රියාත්මක වෙනව.මනස මේ රූපය
ඵස්සවීම විදිනව.විදින්නෙ බාහිර රූපය නොව චක්ඛු විඤ්ඤානයෙන් දුන් රූප
චායාවයි.විදින දෙය හදුනා ගන්නව ඒ කියන්නෙ සංඤ්ඤා.විදින ලද,ඒ අනුව හදුනා
ගත් විඤ්ඤානය දුන් රූප චායාවෙන් මනස අලුත් සංකල්පයක් හදනව.ඒකට කියනව
සංඛාර කියල.ඒ කියන්නෙ බාහිර ලෝකයේ තියන රූපයක් නොව මනසේ නිපදවන රූපයක් සහ
නාමයක්.මේ අනුව මනස අතීත තොරතුරුද සම්බන්ධ කරගෙන අලුත් ප්‍රබන්ධයක්
හදනව.මේක තමයි මනසිකාරය.මනසින්ම නිපදවු නාම ධර්ම සහ රූප ධර්ම එකතු කරල
හදන සංකල්පය.
මේ සංකල්පය විඤ්ඤානය විසින් සිතේ තැන්පත් කරනව.වර්ග තුනක් යටතේ.1. මතක
2.කර්ම 3.කෙලෙස් වශයෙන්.
එතකොට විඤ්ඤාණය අමුද්‍රව්‍ය සපයනව.මනස සංකල්ප නිපදවනව.සිතේ ගබඩා කරනව.මෙම
ක්‍රියාවලිය කෙලවරක් නැතිව දිගටම සිදුවේ.මේ ගබඩාවෙ තියන බඩු මම,මගේ
දේවල්.අයිතිකාරය මම.මේ සංකල්ප පුද්ගලයන් අනුව විවිධ වෙයි.එකම රූප
චායාවකින් පුද්ගලයන් 100 ක්ගෙ මනස හදන්නෙ 100 ක් විවිධවු සංකල්ප.හැබැයි
පෙර කී වර්ග තුන යටතේ.
එතකොට භවය හදන්නෙ මෙම බීජ විසිනි.කර්ම බීජ,ක්ලේෂ බීජ වලිනි.රහතන්වහන්සෙ
ක්ලෙෂ බීජ නැසීමෙන් සහ කර්ම බීජ නිපදවීම අවසන් කිරීම මගින් භවය
සිදලයි.මතක බීජ පිරිනිවීම තෙක් පවතියි.ඒ නිසා එදිනෙදා ජීවිතය පහසුවෙන්
පවත්වයි.
මේකෙ අනිත් පැත්තට ගමනකුත් ඇත.සිත යමක් කරන්න හිතයි.එය
වාචික,කායික,මානසික ක්‍රියාවක් විය හැකිය.එම සිතේ අවශ්‍යතාව විඤ්ඤාණය
මනසට ගෙනියයි.මනස විඤ්ඤානය ලවා අදාල ඉන්ද්‍රිය යොදවා සිතට අවශ්‍ය
ක්‍රියාව කරවයි.
මේ ඉතා කෙටි විස්තරයෙන් ඔබට කියන්නෙ සිත,විඤ්ඤානය,මනස යන අපගේ මුලිකාංග
තුන ක්‍රියාකරන ආකාරයේ දළ සටහනකුයි.මේ සංකල්ප අතර මුලික සහ දැඩිම සංකල්පය
මම සහ මගේ යන්නයි.ඇත්ත වශයෙන්ම මෙතන කරන්නෙක්,කරවන්නෙක් නැත.පටිච්ච
සමුප්පාද ක්‍රියාවලියේ අංශු මාත්‍රයකි මේ කිව්වෙ.
මේ නිසයි බාහිර ලෝකයේ කාම වස්තු නැත.ඒවා ඇති වන්නෙ කාම සංකල්ප වලින්ය
කියන්නෙ.ඔය අනිච්ච කිය කියා පට්ට ගහන්නෙ මේ මනෝ සංකල්ප වලට ඇති
කැමැත්තයි.ඔඅබ දුටුවද අනිත්‍ය කියන්නෙ කොහෙද කියල.තණ්හාව ඇති වෙන්නෙ මේ
මනසින් නිපදවු නාම-රූප සංකල්ප වලටයි.
මේ අනුව සිත,මනස,විඤ්ඤානය විසින්ම පුදගලයෙක් නිපදවා ඔහු මෙහෙයවනු
ලබනවා.මේ ත්‍රිකොණයෙ තමයි පුද්ගලයා ඉන්නෙ.
මේ අංග තුනත් එක්ක මොළය නම්වු භෞතිකාංගයත් ක්‍රියාත්මකයි.ඒක සංකීර්න
ක්‍රියා වලියක්. ඒක මෙතනට ගෙනාවොත් ලෙහෙසියෙන් තේරුම් ගන්න බැරි වෙයි. ඒක
පස්සෙ කියමු.තෙරුවන් සරනයි!

සිතා බලන්න.........
ඔබට ඔබේම සිතුවිලි තරම් කරදර,දුක් කම්කටොලු ඇති කරන වෙන කිසිවක් මේ ලෝකයේ නැත.
There is nothing in this world that can trouble you, as much as your
own thoughts.
© Sarath Kohilawaththage
There is nothing in this world that can trouble you, as much as your
own thoughts.
© Sarath Kohilawaththage
ඔබ කැමති ආකාරයටද ඔබ ජීවත් වෙන්නෙ?
ඔබ ඇත්තවශයෙන්ම කැමතියි ඉතා හොද ජීවිතයක් ගත කරන්න.ඔබ කැමතියි ඔබට තරහ
යන්නෙ නැත්නම්.ඔබ කැමතියි හැම වෙලාවෙම සතුටින් ඉන්න.ඔබ අකැමැතියි,නරක ගති
වලට.ඔබ හොද වෙන්නමයි කැමති.ඔබ අකැමැතියි නරක ගති ගුණ වලට.නරක පුරුදු
වලට.හරි
ඇයි ඉතින් ඔබ කැමති පරිදි ජීවිතය ගෙවන්න බැරි?
ඔබ කවද හරි හිතල බැලුවද මේ ගැන?
මගෙන් උත්තර ඉල්ලන්නෙ නැතුව ඔබම හිතල බලන්න,ඇයි මට ඕනෙ විදියට,මම කැමති
විදියට ජීවිතේ ගත වෙන්නෙ නැත්තෙ?මම අකැමැති දේ මමම කරන්නෙ ඇයි?මම අකැමැති
විදියට මට කේන්ති යන්නෙ ඇයි?
මම අකැමැති විදිය දේවල් මගෙන්ම කෙරෙන්නෙ ඇයි?
හිතල බලන්න.මමෙක් ඉන්නව නම් මට ඕනෙ විදියට කෙරෙන්න ඕනෙ නේද?

මමත්වය විනාශ කිරීම?...!
මමත්වය විනාශ කල නොහැකිය,ඊට එරෙහිව සටන් කලහොත් එය වඩා ශක්තිමත්
වේ.මමත්වය දැකීමෙන්,අවබෝධ කිරීමෙන්ම තුරන්වේ.සෙවනැල්ල සමග සටන් කල
නොහැකිවාක් මෙනි.සෙවනැල්ල තුරන් කල හැකි වන්නෙ ඒ දෙසට විහිදුවන ආලෝක
ධාරාවකින් පමණි.එසේම මමත්වය දුරු වන්නෙ ඒ දෙසට එල්ල කරන ප්‍රඥාලෝකය
මගිනි.
Nobody can destroy the ego because the very effort to destroy it will
create a new ego.
One can only understand the ego, and through understanding it disappears.
It cannot be destroyed, it simply
disappears.
It cannot be destroyed because in the first place it is not an entity,
it is like a shadow.
You cannot fight with the shadow: you cannot have a sword and kill the
shadow, you cannot burn the shadow.

The world is not religious...
The world is not religious
because religion is
imposed upon us.
The parents are in a hurry
to impose;
the church,
the state,
the country..
everybody is in a hurry
to impose a certain religion
on the child.
How foolish!
How stupid!
Religion needs maturity,
great understanding,
before one can choose.
Nobody is born a Hindu
or a Mohammedan
or a Parsi.
Everybody is born clean,
innocent,
a TABULA RASA,
and then everyone has
to seek and search.
This is the beauty of life
because life is an inquiry.
And don't be settled too early;
there is no need...
!! OSHO !!
[ Dhammapada :Volume 1 ] Aryan Joshua
because religion is
imposed upon us.
The parents are in a hurry
to impose;
the church,
the state,
the country..
everybody is in a hurry
to impose a certain religion
on the child.
How foolish!
How stupid!
Religion needs maturity,
great understanding,
before one can choose.
Nobody is born a Hindu
or a Mohammedan
or a Parsi.
Everybody is born clean,
innocent,
a TABULA RASA,
and then everyone has
to seek and search.
This is the beauty of life
because life is an inquiry.
And don't be settled too early;
there is no need...
!! OSHO !!
[ Dhammapada :Volume 1 ] Aryan Joshua
ද්විත්වය.(ද්වතාව/ද්වයතාව)
සම්මතය තුල හැම තැනකම දකින ද්විත්වය හෙවත් අනත් දෙකක් ඇතිබව මනසේම
නිර්මානයකි.මනසින් අල්ලා ගැනීමක් සහ ඇලීමක් ඇති තැනයි මේ ද්විත්වය පැන
නගින්නෙ.ඇලීමක්,මනසින් අල්ලා ගැනීමක් නැත්නම් අන්ත දෙකක් හෙවත්
ද්විත්වයක්ද නැත.දැකීම දැකීමක් වන තැන ද්විත්වය පැන නොනගී.
© Sarath Kohilawaththage
නිර්මානයකි.මනසින් අල්ලා ගැනීමක් සහ ඇලීමක් ඇති තැනයි මේ ද්විත්වය පැන
නගින්නෙ.ඇලීමක්,මනසින් අල්ලා ගැනීමක් නැත්නම් අන්ත දෙකක් හෙවත්
ද්විත්වයක්ද නැත.දැකීම දැකීමක් වන තැන ද්විත්වය පැන නොනගී.
© Sarath Kohilawaththage
'ලෝකය' කෙටියෙන්...
මොනවද බාහිර ලොකයේ තියෙන්නෙ.?
රූප විතරයි.
මොනවද අභ්‍යයන්තර ලොකයේ තියෙන්නෙ.?
සිත විතරයි.
රූපයේ පැතිකඩ හතරක් ඉන්ද්‍රිය හතරකින් අල්ල ගන්නව.ඇස් වර්ණ සටහනත්,දිව
රසයත්, නාසය ගන්ධයත්,සම තද ස්වභාවයත් ග්‍රහනය කරනව.ශබ්දය රූපයේ ආවේණික
ගුණයක් නොවේ.එය රූප අතර ගැටීමෙන් උපදින්නක්.ශබ්දය තමයි අපිට වලක්වන්නම
බැරි.එය කන ශබ්ද තරංග මගින් කම්පනය කරනව.මේ වර්ණ,රස,ගන්ධ,පොට්ඨබ්බ සහ
ශබ්දය අරන කෝටි සංඛ්‍යාත නාම-රූප නිපදවා ගෙන,ඒවාම විදිමින්,ඒවාම
තණ්හාවෙන් අල්ලා ගනිමින්,ඒවා නිසාම දුකට පත්ව සසරක්ද නිපදවා ගෙන සත්වයා
මහා විශාල මුලාවකට අහුවෙලා ඉන්නෙ.
අභ්‍යන්තර ලෝකයේ සිත සහ බාහිර ලෝකයේ රූප එකට ගැටීමෙන් සිතුවිලි උපදිනව.වෙන මොනවද?
එච්චරයි.
එතකොට පරමාර්ථ ධර්ම රූප,චිත්ත,චෛතසික.මේ ටිකෙන් නිදහස් වුනොත් නිර්වාණය.
රූප සහ චිත්ත,චෛතසික කියන මුලික ධර්ම තුන තමයි ඔය 84000 ක් කියන සියලු
ධර්ම ස්කන්ධයම හැදිල තියෙන්නෙ.
චිත්තය සහ රූප අතර ගැටීමෙන් සහ එය වරදවා ගැනීමෙන් සංඛාර හැදෙනව. එතන ඉදල
සිත කිලුටුයි.එතන ඉදල ඒ රූප වරදවා ගැනීමෙන් කිලුටු වුන සිතට කියනව
විඤ්ඤානය කියල.විඤ්ඤාණය තමයි ඔබ රැවටී සිටින තණ්හාවෙන් අල්ලා ගෙන ඉන්න
ලෝකය මනස සමග එකතුව නිර්මානය කරන්නෙ.
මේ මොහොතේ ඔබගෙ ඉන්ද්‍රිය හා ගැටෙන රූපයට එහා ඇති සියල්ලම අතීතය,අනාගතය
ඔක්කොම මනෝ ලෝකයක් විතරයි.
මේ පෝය දවස යැයි සම්මත දවසෙ ටිකක් හිතන්න සරල ධර්මයක් කිව්වෙ.
සැමට තෙරුවන් සරණයි!

Monday, June 1, 2015
අත්ථාහි අත්ථනෝ නාථෝ...
කිසිවෙක් සරන නොයන්න.
තමන්ම සරණය කර ගන්න.
අත්තා හි අත්තනො නාථො - කෝහි නාථො පරො සියා!
තමන් තමන්ට සරණය නොවන තත්වයකට පත් නොවන්න.
අන් සරණ නොගොස් තමන්ට තමන්ම සරණය වන්න.
එවිටයි ඔබ ශ්‍රෙෂ්ඨ පුරුෂයෙක් වන්නෙ.
© Sarath Kohilawaththage
තමන්ම සරණය කර ගන්න.
අත්තා හි අත්තනො නාථො - කෝහි නාථො පරො සියා!
තමන් තමන්ට සරණය නොවන තත්වයකට පත් නොවන්න.
අන් සරණ නොගොස් තමන්ට තමන්ම සරණය වන්න.
එවිටයි ඔබ ශ්‍රෙෂ්ඨ පුරුෂයෙක් වන්නෙ.
© Sarath Kohilawaththage
Supreme Sri Lord Buddha's Last Words!...
Buddha's last words to his disciples were: Be a light unto yourself.
And how can you be a light unto yourself? Go beyond the body, the
mind, the heart. Find the center of your being, and suddenly there is
light. It is already there, it is burning bright. It is your very
being. You just have to discover it. Discovering it one discovers
truth. Discovering it one discovers peace. Discovering it one
discovers bliss, nirvana.
Excerpted from The Dhammapada: The Way of the Buddha, Osho

උත්තරීතර හුදකලාව!...
බුදුරජානන්වහන්සෙ හුදකලාභාවය ඉතා ඉහලින් අගය කර ඇත.
කුමක්ද මේ හුදකලාව කියන්නෙ.? තනියම පැත්තකට වෙලා ඉන්න එකද?
නැහැ,
ශාරීරික වශයෙන් පමණක් හුදකලාවීම නොවේ. කිසිවෙක් හුදකලා නැත. නිතරම
දෙවැන්නෙක් සමග ජීවත් වෙයි. අපගේ අභ්‍යයන්තර ගෝෂාව ඇති කරමින් මේ
දෙවැන්නා නිදා නොසිටින හැම විටම අප සමග සංවාද කරයි.
නිතරම අතීතය සහ අතීත සිද්ධි ගෙන ඒ සමග පැටලේ. නැත්නම් අනාගතය ගැන කල්පනා
කරයි. ඒ නිසා කිසිම විටක හුදකලා නොවෙයි. හරකා උදේ සිට උලා කමින් සිට
රාත්‍රියට වමාරා කයි. එලෙසම මිනිසුන් හැම විටම අතීතය වමාරා කයි.
මිනිසුන්ගේ මේ අතීතය වමාරා කෑම මනෝසංචේතනා ආහාරය ලෙස ධර්මයේ හැදින්වේ.
මේ මනෝසංචේතනා ආහාරයෙන් වැළකී,අතීතය සහ අනාගතය කල්පනා නොකරමින් මේ මොහොතේ
ජීවත්වීම උත්තරීතර හුදකලාවයි. මේ මොහොත යනු කාලය නොවෙයි.
උදාහරනයක් ලෙස චිත්‍රපටියක් නරඹනවා යැයි සිතන්න. හිස් තිරය මත නොයෙක්
ජවනිකා ගලායයි. ඔබ තිරය දෙස බලා සිටී. මේ තිරයයි මේ මොහොත. ජීවිත
චිත්‍රපටිය ගලා යයි.ඔබ නිතරම ඉන්නෙ මේ මොහොතෙයි. ඔබට දකින්න ලැබෙන්නෙ මේ
මොහොතේ තිරයේ ඇති දර්ශනය පමනකි. චිත්‍රපටි කථාව හදන්නෙ ඔබයි. ඒ සදහා ඔබ
අතීතය සමග නිතරම මේ මොහොත ගැට ගසයි. මෙන්න මේ කතාව හැදීමෙන් වැලකී,අතීතය
සමග මේ මොහොත ගැට ගැසීම නැවතීමයි උත්තරීතර හුදකලාව.
මෙය ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවේ.සැබෑ විදර්ශනා භාවනාව මෙයයි. මේ මොහොතේ
ඔබගේ ඉන්ද්‍රිය ආරම්මන කෙරෙහි පමනක් සිහිය පිහිටුවීම. අරමුණු ඇතිවීම සහ
එතනම ඉතිරි නැතුව නිරෝධවීම දකිමින් සිටීමයි මෙහිදී සිදුවන්නෙ.
බුදු බණ කොහෙන් කැරකී ආවත් එක තැනටයි එන්නෙ. දැකීම දැකීමක් පමනක්ද,ඇසීම
ඇසීමක් පමනක්ද,දැනීම දැනීමක් පමනක්ද,සිතීම සිතීමක් පමනක්ද වන්නේ මේ
උත්තරීතර හුදකලාවේදීය.
හැකිතාක් මේ මොහොතට එන්නට උත්සහා කරමු.
තෙරුවන් සරණයි!

නිබ්බානං පරමං සුඛං!
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස!!!
"එතං සන්තං එතං පණීතං යදිදං සබ්බ සංඛාරසමථො සබ්බු පධිපටි නිස්සග්ගො
තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං"
"මෙය ශාන්තය,මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම,සියලු උපධීන්
අතහැර දැමීම,තණ්හාව ක්ෂය කිරීම,නොඇල්ම නම් වු විරාගය,නැවැත්ම නම්වු
නිරෝධය,නිවීම නම් වු නිබ්බානය"

නිධානය!
තමන් ලගම ඇති මහත්වු නිධානය ගැන නොදැන,නොදැකම, බාහිරෙන්ම වස්තුව සොයමින්
සිට කවදාවත් තෘප්තියට පත් නොවීම, මිනිසා මියයාම මොන තරම් අභාග්‍යයක්ද?
ආර්ය පර්යේෂණය යනු තමන් තුලම ඇති මහා නිධානය සොයා,තමන් තුල නිධානය වසා
ගොඩ ගැසී ඇති කෙලෙස් නම් වු මහා පස් තට්ටුව හාරා ඉවත් කිරීමයි. සංස්කාර
නම්වු මෙම මහා කුණු ගොඩ ඉවත් කරගත හොත් ඔබ සදහටම පොහොසත්
කරන,ප්‍රීතියෙන්ම තබන සදා නොමැරෙන නිධානයේ එකම හිමිකරු ඔබය.
නමුත් සැම දෙනෙක්ම පාහේ තම ජීවිතය ගත කරන්නේ බාහිරෙන්ම වස්තුව රැස්
කිරීමටයි.කොපමන රැස් කලත් සෑහීමට පත් නොවන බාහිර වස්තුව ගොඩ ගසා තබා ඔබ
හිස් අතින්ම මරණයට පත්ව සසර දුකටම වැටෙයි. සැම විටම මරණය නැමැති අනිවාර්ය
සංසිද්ධිය ඉදිරියට ගෙන සිතා බලන්න.

සත්‍යය යනු කුමක්ද? කිං සච්චං ගවේශී?
මෙලොව වසන මිනිසුන්ට ඉන්ද්‍රිය හරහා අසන,දකින,දැනෙන,සිතන බාහිර අරමුණු
සියල්ල සත්‍යයන්වේ. ඒ මත මම,මගේ ජීවිතය ගොඩ නැගේ.
බුදුන්වහන්සේ ලොව පහලව මේ මිනිසුන් සත්‍ය කොට පිලිගන්නා සත්‍යයන්,
අසත්‍යයන් බවත්, ඒවා සිතින්ම නිපදවා ගන්නා ලද බවත්, දේශනා කලහ. ඉන්ද්‍රිය
පහ සහ ඒ මගින් ගන්නා අරමුනු මත සදාගත් මනස නැමැති අරූපී ආයතන සමග නාම-රූප
දෙක පදනම්ව සැදුන සලායතනයන් ඉක්මවු තැන සත්‍ය පවතින බව බුදුන්වහන්සේ
පෙන්වා දුන්හ.
ඉන්ද්‍රිය වලට බාහිරෙන් ගන්නා අරමුණු ඉන්ද්‍රිය මතම ඉතිරි නැතුවම අවසන් වෙයි.
නමුත් මේ සත්‍යය නොදකින ප්‍රතක්ජන සත්වයා එසේ අනිත්‍යවු රූපචායා
අවිද්‍යාව නිසා සිතින් අල්ලා ගැනීමෙන්,සංස්කාර ගොඩ ඇතිකර ගැනීමෙන් පටිච්ච
සමුප්පන්නව සසර ගොඩ නැගෙන ආකාරය පෙන්වා වදාලහ. උදාහරන ලෙස ඇසේ වැටෙන වර්න
හැඩතල සටහන හුදු චායාවක් බව නොදැකීම නිසා,ඇසත්,රූප චායාවත් ගැටීම
ස්වභාවික සංසිද්ධියක් වුවත්,ඒ ගැටීම ආලෝක වේගයෙන්ම අවසන් වන නමුත් ඒ බව
අවිද්‍යාව මත නොදැකීම නිසා චක්ඛු විඤ්ඤානය හට ගනි.
විඤ්ඤානයේ කටයුත්ත නම් ඇසත්,බාහිර රූපයත් දෙකක් ලෙස පෙන්වීමයි. එවිට
බලන්නාත් බලන දෙයත් හට ගනී.
විඤ්ඤානයත්,ඇසත්,රූපයත් එකවීමෙන් මනසේ ස්පර්ශය හටගනී.මෙතන සිට සියල්ල
සිදුවන්නේ අවිද්‍යාව හෙවත් මුලාව තුලයි.විඤ්ඤාණය විසින් රූපය වෙනකොට
නාමයක් යටතේ වර්ග කරයි.චක්ඛු සම්පස්සය සිදුවන්නෙ රූපයෙ ගැටීමත්,නාමයේ
අධිවචන සම්පස්සයත් යන දෙකම හෙවත් නාම-රූපයක් ලෙස සැකසීමෙනි.ප්‍රතක්ජනයා
සත්‍ය ලෙස දකින ලෝකය මෙසේ සැකසෙයි.මෙසේ සැකසෙන නාම -රූපය සත්‍ය සහ නිත්‍ය
ලෙස ගැනීමෙන් මේ නාමරූපයට කැමැත්ත හෝ අකැමැත්ත ඇතිවීමෙන් ලෝභය සහ ද්වේශය
පැන නගී. 'තණ්හාව' යනු මෙසේ ඇතිවන ඇලීම සහ ගැටීමට කියන තනි නමයි. මෙසේ
තණ්හාවෙන් මනසෙන්ම උපන් නාම රූපය අල්ලා ගැනීම නිසා හෙවත් උපදානය කිරීම
නිසා භවය හට ගනී. කෙටියෙන් කිව්ව්වොත් භවය යනු ඉන්නවා තියනව යන හැගීමයි.
මම ඉන්නවා,මට බාහිර ලෝකයක් තියනව,මේ දෙකටම සිතින් ඇලෙනව. මේ තමයි කාම
භවය. මෙසේ සිතින්ම උපදවා ගත් නාම - රූපය සත්‍ය,නිත්‍ය,මගේ දෙයක් ලෙස
ගැනීම නිසා පන්ච උපාදානස්කන්ධය උපදී. මේ පන්ච උපාදානස්කන්ධය
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම වන නමුදු ප්‍රතක්ජනයා එය නිත්‍ය, සත්‍ය,මමය,මගේය
ලෙස අල්ලා ගැනීම නිසා ජාතිය,ජරාව,මරනය තමන්ගේම කර ගනියි.මෙලෙස මහා දුක්
කදම උපදී.ඇති කර ගනු ලබයි.මෙය ඉතාම කෙටියෙන් කී මහා දිග කථාවකි. බුදුන්
වහන්සේත් 84000 ක් ධර්මස්කන්ධයක් දේශනා කලත්,දෙසුවේ සියල්ලටම මුල ස්පර්ශය
බවයි. මේ මහා දුක් කදම,සසරම ගොඩ නැගෙන්නෙ මේ මුලික වරද නිසාය.මෙතන
නිවරැදි වුවොත් ඔබ ආර්ය මගට වැටෙයි. නැතහොත් කර්ම මාර්ගයේ ඉමක් කොනක්
නොදකින සසර ගමනට වැටෙයි.
මේ පොසොන් පොහෝදා ඔබට පිදෙන දහම් පඩුරයි මේ.
සැම දෙනාටම තෙරුවන් සරණින් සත්‍ය වැටහේවා!

Saturday, May 2, 2015
නමාමි බුද්ධං ගුණසාගරංතං! ඔබ සැමට සුපින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!
ශ්‍රී වෛශාඛ්‍ය මංගල්‍යයත් එළැඹුණා.
මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ මහා ප්‍රඥාවන්තයා වූ මහා සර්වඥ ශ්‍රී
සිද්ධාර්ථ ගෞතම සම්මාසම්බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ නමින් මනුෂ්‍ය ලෝකයට
සම්ප්‍රාප්ත වී, සෝපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් අති උතුම් ශ්‍රී
නිර්වාණාවබෝධය හා සර්වඥතා ඥානය අවබෝධ කර සහ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන්
පරිනිර්වාණයට පත්වී සම්මත චන්ද්‍ර වර්ෂ ක්‍රමයෙන්, (වර්තමානයේ බහුලව
පිළිගැනෙන අයුරින්) පිළිවෙලින් වසර 2639ක්, 2604 ක් සහ 2559ක් මේ වර්ෂයේ
සම්පූර්ණ වේ.
ශ්‍රී බුද්ධ ධර්මය හෙවත් විශ්ව සනාතන විද්‍යාව සහස්‍ර දෙකහමාරක
කාලයක් නොනැසී මානවයන් අතර පැවතිණි. අනාගතයේද සැලකියයුතු කාලයක් පවතිනු
ඇත. එහෙත්, ක්‍රමක්‍රමයෙන් නිර්මල ධර්මය සැඟවෙමින් පැවතීම කනගාටුවට
කරුණකි. ධර්මයේ, නිර්වාණය සඳහා අවබෝධ කරගත යුතු කොටස බොහෝ දෙනා සිතන තරම්
අති සංකීර්ණ නැත. අති සරලද නැත. එහෙත්, එය හරියටම ප්‍රත්‍යක්ෂ කරගත යුතු
දෙයකි. ලෝකය නම් මිරිඟුව, මිරිඟුවක් ලෙස අවබෝධ කරගැනීම සිතන තරම් සරල නම්
අදද රහතුන් වැඩ සිටිති. එය එසේ නොවූවේ, කාමභෝගී ජීවිතයක න්‍යාය පත්‍රයකට
අද සමාජය හැඩ ගැසී ඇති නිසාය; සැප සම්පත් අත්පත් කරගැනීමේ ක්‍රමයකට අනුව
ජීවිතය ගෙන යාමට කුඩා දරුවන්ගේ සිට උත්සාහ ගන්නා නිසාය.
ධර්මයේ ඒ මාර්ග ඥාන අවබෝධ කරගැනීමේ කොටස හෙවත් චතුරාර්ය මහා සත්‍ය
අවබෝධ කරගැනීමට මනුෂ්‍යයන් බොහෝ දෙනෙකු අසමත් වන හෙයින්, යහපත් ජීවන
රටාවකට මනුෂ්‍යයන් හුරු කර යහපත් ලෝකයක් බිහිකිරීමේ අරමුණින් ගිහි
ජීවිතයටද අවශ්‍ය උපදෙස් අවවාද 'බුදු දහමෙන්' අනෙක් බොහෝ ආගම් මෙන් කියා
දේ. වර්තමානයේ මාර්ග ඥාන සඳහා උත්සාහ කරන්නන්ද දුලබ නිසා අද ප්‍රචලිත
වන්නේ 'බුද්ධාගම' ලෙසද හැඳින්වෙන ඒ ගිහි ධර්මයන් එකතුවයි. අනෙකුත් කාරණා
(පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය
ආදී) 'දැනුමන්' වශයෙන් මිනිසුන් අතර ගැවසෙමින් කාලය ගෙවී යයි.
අප අද කළයුත්තේ මේ ආකාර ද්විත්වයෙන් කුමන හෝ ආකාරයට අපගේ සෙත සලසා
ගැනීමයි; ලෝකයට සෙත සැලසීමයි. එවිට අපගේ කර්ම ශක්තිය මඟින්ද කෙදිනක හෝ
අපව මාර්ග ඥාන අවබෝධ කරගැනීමට උපකාරවන පරිසරයක් සකසා දෙනු ඇත... එහෙත්,
මෙය කළ යුත්තේ, බුද්ධිය දියුණු කළ නොහැකි අය පමණි. අප බුද්ධිමත් යැයි
සලකන්නේ නම්, මරණය තෙක්ම හැකි තරම් උත්සාහ කළ යුත්තේ, ධර්මය අවබෝධ කරගෙන
ප්‍රකෘති තත්ත්වයට පත්වීමටය.(නිවන් ලැබීම නමින් අද හඳුන්වන)
මන්දයත්, අපට අනාගතය ගැන විශ්වාසය තැබිය නොහැක.
"අප්පමාදේ අමතපදං
පමාදෝමච්චුනෝ පදං
අප්පමත්තා නමීයන්ති
යේ පමත්තා යථා මතා"
"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුසාසනං"
"අප්පමාදේන සම්පාදේථ"
තිණ්ණං රතනානුභාවේන සුඛී දීඝායුකෝ භව !
සබ්බ සම්පත්ති හේතුච!
සියල්ලෝම ධර්මයේ හැසිරෙත්වා!
ත්‍රිවිධ රත්නයේ සරණයි!!!

Sunday, April 19, 2015
හේතු-ඵල වාදය සහ නිවන් මඟ...
බුදුන්වහන්සේ දේශනා කල නිවන් මග හේතු-පල වාදයක නොවේ. බුදුදහමද
හේතු-පලවාදයක් නොවේ. බොහෝ දෙනෙක් නිවරැදිව කරුණු වටහා නොගෙන අනුන්
කියන්නන් වාලේ මෙන් හැම දෙයටම හේතු-පල වාදයක ඉදිරිපත් කරති. බුදුන්වහන්සේ
හේතු -පල න්‍යායක් ලෙස ලෝකයට ඉදිරිපත් කලේ පටිච්ච සමුප්පාදයයි.
ස්වභාවයෙන්ම නැති කෙනෙක්, පුද්ගලයෙක්, යථා ස්වභාවය නොදන්නා ප්‍රථක්ජනයා
සිතෙන්ම නිපදවා ගෙන, ඒ හේතුවෙන්ම අවිද්‍යාව මුලිකව ගොඩ නගා ගන්නා සංස්කාර
ලෝකයක පැටලී, නාම-රූප දෙකක් මවාගෙන සසර ගමනේ යෙදෙන ආකාරය විස්තර කරන
බුදුන් වහන්සේගේ විග්‍රහයයි, පටිච්ච සමුප්පාදය හෙවත් හේතු-පල න්‍යාය.
එමගින් දුක නම්වු පන්ච උපාදානස්කන්ධයක් ගොඩ නැගෙන ආකාරය සහ එයට හේතුව
සිතෙන්ම මවගත් නාම-රූප ලෝකයට ඇති තණ්හාව බවත් එමගින් පෙන්වා දුන්හ.
මේ සියලු දුකටත්,සසර ගමනටත් හේතු වන්නෙ,ස්වභාවයෙන්ම ඇතිවන හේතු -පලවාදයක්
නොවේ. වැරදි දැකීම හෙවත් මිත්යා දෘෂ්ඨිය නිසා සිදුවන සිතෙන්ම කරන මවා
ගැනීමකි.
එනිසා පටිච්ච සමුප්පාදය යනු තිබිය යුතු වැළද ගත යුතු නිවරැදි මගක් නොව
දුක සහ දුක ඇතිවීමට හේතුව විග්‍රහ කිරිමකි.ඒ නිසා පටිච්ච සමුප්පාදය
නිවරැදිව ගැබුරින් දැක අවබෝධ කල යුතු වන්නෙ තමන්ගේ වර්තමාන තත්වය
නිවරැදිව වටහා ගැනීමටය.
තමන් දැනට සිටින තත්වය සහ එයට හේතු දැකීම, එයින් නිදහස් වීමේ මුලික
පියවරයි. එම අවබෝධය නොමැතිව චතුර් ආර්ය සත්‍ය අවබෝධ කල නොහැකිය. එනිසා
පටිච්ච සමුප්පදය නිවරැදිව දැකීම අවශ්‍ය වන්නේ, එතුලින් ලබන දැකීම දුකෙන්
ගොඩ ඒමට හේතු වන බැවිනි.
නිවන හෝ නිවන් මග හේතු-පලවාදයක් නොවේ. හේතු-පලයෙන් නිදහස්වීමකි.
හේතූන්ගෙන් යමක් හට ගන්නේද එම හේතු නිරුද්ධ වීමෙන් හට ගත් දෙයද නිරුද්ධ
වෙයි. මෙය ඉතා හොදින් වටහා ගැනීමෙන් අනිත්‍ය ස්වභාවය දැකිය හැකිය.
ස්ථිරවු නිත්‍ය වු කිසිවක් ලොව නැත. ලෝකය යනු තමා තුලම මිත්‍යා දෘෂ්ඨිය
නිසා උපදවා ගත් හේතු-පලයක් බව මනාව දැක අවබෝධ කල යුතුය. සම්මා දිට්ඨියට
පත්වීමට නම් තමා දැන් සිටින මිත්‍යා දෘෂ්ඨිය විනිවිද දැක
මිත්‍යාව,මිත්‍යාවක් ලෙසම දැකීම අත්‍යාවශයයයි.
එබැවින් පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධ කරන්නේ එය අනුගමනය කිරීමට නොව
එයින් නිදහස් වීමටයි. එයින් නිදහස්වීමයි, නිවනට පත්වීම. විකෘතිය දැන
අවබෝධ කර ප්‍රකෘතියට පත්වීමයි බුදුන් දෙසු මග.
තෙරුවන් සරනයි!

සමුදය හා නිරෝධය...
රවුමක් අදින්නට මුලින්ම තිතකින් පටන්ගන්නා රවුම අවසන් කරන්නෙත් ඒ
තිතෙන්මයි.සමුදය සහ නිරෝධය එකම තැනකම පැනවේ.
© Sarath Kohilawaththage
තිතෙන්මයි.සමුදය සහ නිරෝධය එකම තැනකම පැනවේ.
© Sarath Kohilawaththage
මධ්‍යම ප්‍රතිපදාව හා භෞතිකවාදය...
දේශපාලනය,සමාජ වාදය,මාක්ස්වාදය සියල්ලම භෞතිකවාදී මුලධර්ම මත පදනම්ව
ඇත.ඔවුන්ට මනස සහ අධ්‍යාත්මය ද්වීතිකය.ඒ නිසා විෂය නොවේ.මමත්වය මනස
මුලිකය.ද්‍රව්‍ය මුලික නොවේ.භෞතිකවාදය සහ විඤ්ඤාණවාදය යන අන්ත දෙකම
බුදුදහමින් ප්‍රතික්ෂේප වෙයි.ලෝකයේ සැම විටම යමක් හට ගන්නෙ අන්ත දෙකක
ගැටීමෙනි.බුදු දහම මේ දෙකටම නොවැටී දෙක එකක් කරගෙන මැදින් ගමන් කරයි.එය
මධ්‍යම ප්‍රථිපදාවයි.
© Sarath Kohilawaththage
Saturday, April 18, 2015
සත්‍ය දැකීමේ පළමු පියවර...
ඔබට මෙළොවට ඉපදෙන කොට පැවති ළදරුවා බවට පත්නොවී සත්‍ය දැකිය නොහැකිය.එතැන
සිට මේ දක්වාම ඔබ මනස තුල පුරවා ගෙන තිබෙන්නෙ සත්‍ය වශයෙන්ම නොපවතින මායා
රූප ගොඩකි.ඒ බව දැන දැක අතීතය සිහිනයක් පමණක් බව දැකීමම ඔබ සත්‍ය දැකීම
දෙසට තබන පළමු පියවරයි.

රෝගාබාධ පිළිබඳ බුදු ඇසින්...
* චක්ඛු රෝගො – ඇසෙහි උපදනා රෝග-conjunctivitis,scleritis,glaucoma,…..
* සෝත රෝගො – කනෙහි උපදනා රෝග-otitis media,o.externa,bpv…
* ඝාණ රෝගො – නාසයෙහි උපදනා රෝග-nasal congestion,bleeding,rhinitis
* ජිව්හා රෝගො – දිවෙහි උපදනා රෝග-aphtous ulcers,candidiasis
* කාය රෝගො - හිසෙහි උපදනා රෝග-Migraine,
* සීස රෝගො - හිසෙහි උපදනා රෝග,-tumors.ICH
* කණ්ණ රෝගො - කනෙහි පිටත උපදනා රෝග.-mastoditis….
* මුඛ රෝගො - මුඛයෙහි උපදනා රෝග-
* දන්ත රෝගො - දත් වල රෝග- dental caries,periodontal abcess,
* කාසො - කාසය (ක්ෂය රෝගය)-tuberculosis.asbestosis…
* සාසො - ශ්වාසය (ඇදුම රෝගය)-bronchial asthma,copd…
* පිනාසො - පීනසය (පීනස් රෝගය)-cattha,
* ඩහො - දාහය (දැවීම, පිළිස්සීම)-thyrotoxicosis,
* ජරො - හුණය (උණ රෝගය)-fever.
* කුච්ජි රෝගො – කුසෙහි උපදනා රෝග-gastritis,duodenitis
* මුච්ඡා - මූසය (සිහි නැති වීම)-LOC.fainting.coma
* පක්කන්දිකා - රක්තාතීසාරය (ලේ අතීසාරය රෝගය)-gastroenteritis…
* සූලා – ශූලය (අර්ශස් රෝගය)-haemarrhoids,ulcers.IBS
* විසූචිකා - විසූචිකය (කොලරා රෝගය)-cholera.typhoid
* කුට්ඨං - කුෂ්ඨය-eczema.
* ගණ්ඩො – ගඩුය (පිළිකාව ගෙඩිය)-pempigous,
* කිලාසො - කිලාසය (හමේ රෝගය)-skin diseases…..dermatitis
* සොසො – සොසය (ස්වාශය රෝගය, වියලීම)
* අපමාරො – අපස්මාරය (මීමැස් මොරය)-epilepsy,dyskinetic disoders
* දද්දු - දදය-rashes,popular diseases.
*කණ්ඩු – කණ්ඩුතිය (කැසීම කඩුවේගන් රෝග)
රබසා – නියෙන් කැසූ තැන වන රෝගය, කැසීමෙන් ගෙඩි හට ගත් රෝග
* විතචිජිකා – විචර්චිකාව -rashes
(කුෂ්ට විශේෂයක් පණු හොරි රෝග)
* ලොහිත පිත්තං – රත්පිතය (ලේ පිත)-haematalogical disoders
* මධුමෙහො – මධුමේහය (දිය වැඩියාව)-diabetes mellitus
* අංසා - අංශභාග රෝගය-TIA,CVA….
* පිළකා – පිළිකාය-tumors,cancers..
* භගන්දලා - භගන් - දළාය (මුත්ර – මල මාර්ගයන් අතරෙහි ඇතිවන තුවාලයක්)-urological..
* පිත්ත සමුට්ඨානා ආබාධා - පිතින් වන රෝගය (පිතින් හට ගැනීම)-cholecystitis,ab
* සෙම්හ සමුට්ඨානා ආබාධා - සෙමින් වන රෝගය (සෙමින් හට ගැනීම)-hypersensitive dis..
* වාත සමුට්ඨානා ආබාධා - වාතයෙන් වන රෝගය (වාතයෙන් හට ගැනීම)-airbone diseases
* සීතං - සීතය (සිහිල් වූ, ශීතල වූ)-
* උණ්හං - උෂ්ණය (උණුසුම්)-hot flashes
* ජිඝච්ඡා - ක්ෂුයධාය (බඩගින්න)-hungry
* පිපාසා - පිපාසය (පිපාසාව, බීමට ආශාව)-thirst
* උච්චාරො - අහරමලය (අශූචි, මල)-
පස්සාවො - මුත්රීය-urine
අ.නි. දුතියපණ්ණාසකයෙ සචිතිත වග්ගයට අයත් ගිරිමානන්ද සූත්‍රය ඇසුරිනි.
© Sarath Kohilawaththage
--
sanju

Tuesday, April 14, 2015
62 ක් වූ මිත්‍යාදෘෂ්ටි...
දීඝ නිකායේ මුලටම තියන බ්රහ්මජාල සුත්රයේ බුදුන්වහන්සේ විසින් 62 ක්වු
මිත්යා දෘෂ්ඨි ගැන දේශනා කරනව.ඇයි හරියටම 62 ක් වුනේ?මේක විසදගන්න
ඕනෙ,සාමනේර බණ පොතෙන්.එතන තියනව 1 සිට 9 දක්වා සංඛ්යා වලින් කියවෙන ධර්මය
කුමක්ද කියල.
ඒ අනුව 6 නම් සලායතනයනය.චක්ඛු,සෝත,ඝාණ,දිව්හා,පොට්ඨබ්බ,මන යන ආයතන 6 තමයි
සලායතන.6 ක් තිබුනට ලොක්කා තමයි මනායතනය.අනිත් පහම සේවය කරන්නෙ මනායතනය
සදහායි.අනිත් පස් දෙනා පස් ආකාරයක තොරතුරු මනායතනයට සපයනව.ඒ ඔක්කොම
නාම-රූප කියන සංකේතයට පෙරලල තමයිමනායතනය වාර්තා කර ගන්නෙ.
ඔය නාම-රූප දෙක තමයි 62 කියන තැන 2 ඉලක්කමෙන් නියෝජනය වෙන්නෙ.මේ ලෝකෙ
තියන ආගම්,දර්ශන,විද්යා,දැනුම යනාදි සියල්ල්ලම ඔය 62 ට යටත්.සලායතන සහ
නාම-රූප දෙක ඉක්මව ගිය කිසිවක් හෝ කිසිවෙක් හෝ බුදුන්වහන්සේ පහළ වන විට
මේ තුන් ලෝකයේම හිටියෙ නැහැ.
බුදුන්වහන්සේගේ විශේෂත්වය මෙම බඹ දැල ඉරාගෙන පටිච්ච සමුප්පාද චක්රයෙන්
මිදී මෙතෙක් නෑසු,නොදුටු ධර්මයක් දේශනා කිරීමයි."පුබ්බේ අන්නුත්ස්සුතෙසු
ධම්මෙහි චක්ඛුං උදපාදි,ඤානං උදපාදි,පඤ්ඤා උදපාදි,විජ්ජා උදපාදි,ආලොකො
උදපාදි කියල මුලු තුන් ලෝකයටම සම්මා දිට්ඨිය විවර කලේ,මැදුම් මග විවර
කලේ,නිර්වාන මග විවර කිරීමයි.
එතෙක් මුලු ලෝකයාම පැටලී සිටියේ මේ 62 ක්වු බඹ දැලෙහිය.අදත් සියලු
ආගම්,දර්ශන,මිනිස් දැනුම සියල්ලම මනස ඉක්මවා නොයයි.නාම-රුප ඉක්මවා
නොයයි.මේ එකට තියන නාම-රූප දෙක දෙකක් කොට වෙන් කර, මනස ඉක්මවා යාමෙන්,
පමනයි සම්මා දිට්ඨිය පහල වෙන්නෙ.මේ සදහා බුදුන් දෙසු මග පිලිපැදීම
අනිවාර්යයි.තෙරුවන් සරණයි!මේ දහම් පදය සම්මත සිංහල අවුරුද්දේ පුණ්ය කාලය
ගත කරන ඔබට මෙනෙහි කිරීම සදහායි.
© Sarath Kohilawaththage
Monday, April 13, 2015
මඳක් සිතන්න...
මහනුවර සිට කොළඹට බස් එකේ අවදියෙන් ගියත්,එයා දන්නෙ බස් එක ගිය පාරේ මග
සළකුණු විතරයි.දුම්- රිය කියල තවත් මගක් කොළඹට යාමට ඇති බව දන්නෙත්
නැහැ.එහි මග සළකුණු දන්නෙත් නැහැ.හැබැයි හෙලිකොප්ටර් එකකින් ගියොත්
මහනුවර සිට කොළඹට යාමට බිමින් ඇති සියලු මාර්ග දකිනව.වාහනයට නැගපු තැන
සිට නිදාගෙන ගිහින් කොළඹදි අවදි වුනොත් ඔහු මේ මග සළකුණු එකක්වත් දන්නෙ
නැහැ.මහනුවරදි නිදාගත් බව සහ කොළඹදි අවදි වු බව විතරයි දන්නෙ.වෙන කෙනෙකුට
මග කියන්න ,මග සළකුණු කියන්න නොදන්නව වුනත් ඔහුත් කොළඹ ගිහින් ඇත.

සසර...
සසර ගමන විශාල වංගු ප්රමාණයක් ඇති කදුකරයේ ගලන ගගකට උපමා කලොත්,ගගදිගේ
ඔරුවක් හෝ පාරුවක් පැදගෙන යන්නා දකින්නේ එක වංගුවක සිට අනිත් වංගුව දක්වා
ගග ගලන කොටස පමනකි.ජීවිත කාලයක්ද එසේය.ශාරීරික උපතක සිට මරණය දක්වා
පමනකි.
නමුත් අහසින් යන්නා මුලු ගංගාවම දකියි.ගග ඇරඹෙන තැන සිට මහා සාගරය දක්වාම
දැකිය හැකිය.තවත් සුක්ෂණව අහසේ සිට බලන විට මුහුදෙන් සහ ගගෙන් වාෂ්ප වන
ජලයෙන් වළාකුලු සැදී කදු මුදුනට වැස්ස මගින් ගෙනයාමෙන් ජලය ගලන චක්රයක්ම
දැකිය හැකිය.එවිට මෙහි අගක් මුලක් නැති චක්රයකි..බුදුන් වහන්සේගෙ දැක්ම
සහ ප්රතක්ජන දැකීම මෙසේ ආසන්න උදාහරණයකින් කිව හැකිය.
© Sarath Kohilawaththage
මමත්වයෙන් මිදීම...
කුමක් කිව්වද,මතුපිටින් කුමක් පෙන්වුවද,
මමත්වය අතහැරීමට,
මිනිසුන් ඉතාමත් බයයි.
මමත්වයෙන් තොර පැවැත්මක් ඇද්ද?
මමත්වය අහිමිවීම මුලු ලෝකයම අහිමිවීමක් නොවේද?
පුද්ගලිකත්වය,සමාජය තුල පැවතීම,අන්යයතාවය,
මගේ දැනුම,තත්වය මේවාට කුමක්වේද?
මේ කි නොකී සියලු සුපුරුදු තත්වයවු මමත්වය නැති වු විට,
කුමක් වේවිද මට..
දන්නා තත්වයෙන් නොදන්නා තත්වයකට වැටීමට,
මිනිසුන් බොහෝ බයයි.මරණයට මෙන් බයයි.
එනමුත් සත්යය නම් හාත්පසින්ම වෙනස්ය.
මමත්වය යනු ව්යාජත්වයකි.වෙස් මුහුණකි,මහා බරකි.
අදුරේ සැගවීමකි.
දුකේ ගැලීමකි.මිත්යාදැකීමකි.
මමත්වය අතහැරීම නියම මුහුණුවර
අනාවරණය වීමකි.සැබෑ තත්වයට පත්වීමකි.දුකෙන්මිදීමකි.
එතෙක් මෙතෙක් අත් නුදුටු මහා ප්රීතියට පත්වීමකි.
ස්වභාවය සමග එක්වීමකි.අදුරෙන් අලෝකයට පත් වීමකි.
මරන බියෙන් මිදීමකි.

බුදුදහම යනු?
බුදු දහම ඉතාම කෙටියෙන්..
බුදුදහම ඉතා කෙටියෙන් කිව්වොත්,මෙහෙමයි කියන්න වෙන්නෙ.මිත්යා දෘෂ්ඨිය
නිසා,දුක් විදිමින් සසර ගමන් කරන සත්වයා,සම්මා දිට්ඨියට පත් වුවහොත්
දුකෙන් මිදී,විකෘතිය නැවත ප්රකෘතිය බවට පත්කර ගෙන යථා ස්වභාවයට පත්ව
සසරෙන් මිදෙයි.
බුදු දහම හේතු - පල වාදයක් යැයි සමහරු කියන්නේ සියල්ල වරදවා
ගැනීමෙනි.හේතු-පල වාදය ස්වභාවිකව පවතින්නක් නොවේ.හේතුව අවිද්යාව හෙවත්
මිත්යා දෘෂ්ඨිය වන විට සකස්වන විකෘතියකි,හේතු-පලවාදය.
ස්වභාවික තත්වය හෙවත් නිර්වානය හේතු-පලයකින් උපදින්නක් නොවේ.සසර
ගමන,කර්මය,නියතයන් නොවේ.ඒවා නියතයන් නම් වෙනස් කරන්නට නොහැකිය.නමුත්
වැරදියට දැකීම නිසා සිදුවන විකෘතිය නිවරැදිව දැකිමෙන් අවසන්වේ.
සැබවින්ම නැති පුද්ගලයෙක් සිතින් මවා ගැනීම නිසා ඇතිවන තත්වයකි සසර
ගමන.ස්වභාවය තුල පවතින ක්රියාවන් තමන් කරන දෙයක් ලෙස වරදවා ගැනීමෙන්
කර්මය හට ගනී.අහක යන නයි රෙද්ද පල්ලේ දාගෙන කනවා ,කනවා කීමකි
කර්මය.කර්මය,පුනර්භවය,සත්වයා,සසර ගමන,31 තලය යන මේ සියල්ලම වරදවා දැකීම
නිසා සිතෙන්ම උපදවා ගත් දේවල්ය.
මේ සියලුම ගැටලු මිත්යා දෘෂ්ඨිය හෙවත් වරදවා දැකීම නිසාය.දැකීම
නිවරැදිවීමෙන් හෙවත් සම්මා දිට්ථියට පත්වීමෙන් සියලු දුක් ,ගැටලු විසදේ.
සම්මා දිට්ඨියට පත්වීමෙන් හේතු-පලවාදයත්,කර්මයත්,සසරත්,මමත්
සම්පුර්ණයෙන්ම අතුරුදහන්වෙයි.සම්මා දිට්ඨියට පත් නොවී වැරදි දැකීම නිසා
හට ගන්නා තණ්හාව අවසන් කල නොහැකිය.තෙරුවන්සරණයි!

Subscribe to:
Posts (Atom)