Wednesday, July 1, 2015

මනසේ කටයුතු ගැන කෙටි සටහනක්...

කිහිප දෙනෙකුගේ ඉල්ලිමක් පරිදි මේ කෙටි සටහන ලියන්නෙ.

විඤ්ඤාණය කියන්නෙ වෙන්කර දැන ගැනීමයි.
බාහිර ලෝකය සමග පුද්ගලයා සම්බන්ධ කරන්නෙ විඤ්ඤානයයි.ඉන්ද්‍රියකට බාහිර
රූප චායාවක් ගැටුන තැන මකුලු දැලට සතෙක් පැටලුනාම මකුලුවා දුවගෙන එනව වගේ
විඤ්ඤාණය එතන හට ගන්නව.ඒක ඒ ඉන්ද්‍රිය නාමයෙන් හදුන්ව්නව.ඇසේ නම් චක්ඛු
විඤ්ඤාණය.
ගැටුනු තැනම බාහිර රූප චායාව ඉතිරි නැතුවම නිරෝධ වෙනව.මෙන්න මේ සිදුවීමට
කියනව අනිත්‍යයි කියල.ඒ කියන්නෙ බාහිර රූප චායාව සහ ඇස අතර ගැටුම ආලෝක
වේගයයි.ආලෝකය ඇසේ ප්‍රසාදයේ වැදී එතනම අවසන් වෙනව.ඔබට දිගටම පෙනෙනව වගේ
වෙන්නෙ ආලෝක තරංග ඇතිවීම සහ නැතිවීම වේගවත් නිසා.ඒක හරියට විදුලි
බුබුලකින් දිගටම ආලෝකය එනව වගේ පෙනෙන සිද්ධියට සමානයි.
අපි කතා කරන්නෙ මනස ගැන.මනස ක්‍රියා කරන්න විඤ්ඤානය අවශ්‍යයි.අර
ඉන්ද්‍රිය හයෙන් එකකට එන රූප චායාව එතනම නැති වුනත් විඤ්ඤනාය ඒ රූපය අරන්
මනසට දෙනව.මේ පණිවුඩය මනසට ගිය විට මනස ක්‍රියාත්මක වෙනව.මනස මේ රූපය
ඵස්සවීම විදිනව.විදින්නෙ බාහිර රූපය නොව චක්ඛු විඤ්ඤානයෙන් දුන් රූප
චායාවයි.විදින දෙය හදුනා ගන්නව ඒ කියන්නෙ සංඤ්ඤා.විදින ලද,ඒ අනුව හදුනා
ගත් විඤ්ඤානය දුන් රූප චායාවෙන් මනස අලුත් සංකල්පයක් හදනව.ඒකට කියනව
සංඛාර කියල.ඒ කියන්නෙ බාහිර ලෝකයේ තියන රූපයක් නොව මනසේ නිපදවන රූපයක් සහ
නාමයක්.මේ අනුව මනස අතීත තොරතුරුද සම්බන්ධ කරගෙන අලුත් ප්‍රබන්ධයක්
හදනව.මේක තමයි මනසිකාරය.මනසින්ම නිපදවු නාම ධර්ම සහ රූප ධර්ම එකතු කරල
හදන සංකල්පය.
මේ සංකල්පය විඤ්ඤානය විසින් සිතේ තැන්පත් කරනව.වර්ග තුනක් යටතේ.1. මතක
2.කර්ම 3.කෙලෙස් වශයෙන්.
එතකොට විඤ්ඤාණය අමුද්‍රව්‍ය සපයනව.මනස සංකල්ප නිපදවනව.සිතේ ගබඩා කරනව.මෙම
ක්‍රියාවලිය කෙලවරක් නැතිව දිගටම සිදුවේ.මේ ගබඩාවෙ තියන බඩු මම,මගේ
දේවල්.අයිතිකාරය මම.මේ සංකල්ප පුද්ගලයන් අනුව විවිධ වෙයි.එකම රූප
චායාවකින් පුද්ගලයන් 100 ක්ගෙ මනස හදන්නෙ 100 ක් විවිධවු සංකල්ප.හැබැයි
පෙර කී වර්ග තුන යටතේ.
එතකොට භවය හදන්නෙ මෙම බීජ විසිනි.කර්ම බීජ,ක්ලේෂ බීජ වලිනි.රහතන්වහන්සෙ
ක්ලෙෂ බීජ නැසීමෙන් සහ කර්ම බීජ නිපදවීම අවසන් කිරීම මගින් භවය
සිදලයි.මතක බීජ පිරිනිවීම තෙක් පවතියි.ඒ නිසා එදිනෙදා ජීවිතය පහසුවෙන්
පවත්වයි.
මේකෙ අනිත් පැත්තට ගමනකුත් ඇත.සිත යමක් කරන්න හිතයි.එය
වාචික,කායික,මානසික ක්‍රියාවක් විය හැකිය.එම සිතේ අවශ්‍යතාව විඤ්ඤාණය
මනසට ගෙනියයි.මනස විඤ්ඤානය ලවා අදාල ඉන්ද්‍රිය යොදවා සිතට අවශ්‍ය
ක්‍රියාව කරවයි.
මේ ඉතා කෙටි විස්තරයෙන් ඔබට කියන්නෙ සිත,විඤ්ඤානය,මනස යන අපගේ මුලිකාංග
තුන ක්‍රියාකරන ආකාරයේ දළ සටහනකුයි.මේ සංකල්ප අතර මුලික සහ දැඩිම සංකල්පය
මම සහ මගේ යන්නයි.ඇත්ත වශයෙන්ම මෙතන කරන්නෙක්,කරවන්නෙක් නැත.පටිච්ච
සමුප්පාද ක්‍රියාවලියේ අංශු මාත්‍රයකි මේ කිව්වෙ.
මේ නිසයි බාහිර ලෝකයේ කාම වස්තු නැත.ඒවා ඇති වන්නෙ කාම සංකල්ප වලින්ය
කියන්නෙ.ඔය අනිච්ච කිය කියා පට්ට ගහන්නෙ මේ මනෝ සංකල්ප වලට ඇති
කැමැත්තයි.ඔඅබ දුටුවද අනිත්‍ය කියන්නෙ කොහෙද කියල.තණ්හාව ඇති වෙන්නෙ මේ
මනසින් නිපදවු නාම-රූප සංකල්ප වලටයි.
මේ අනුව සිත,මනස,විඤ්ඤානය විසින්ම පුදගලයෙක් නිපදවා ඔහු මෙහෙයවනු
ලබනවා.මේ ත්‍රිකොණයෙ තමයි පුද්ගලයා ඉන්නෙ.
මේ අංග තුනත් එක්ක මොළය නම්වු භෞතිකාංගයත් ක්‍රියාත්මකයි.ඒක සංකීර්න
ක්‍රියා වලියක්. ඒක මෙතනට ගෙනාවොත් ලෙහෙසියෙන් තේරුම් ගන්න බැරි වෙයි. ඒක
පස්සෙ කියමු.තෙරුවන් සරනයි!



© Sarath Kohilawaththage

No comments:

Post a Comment