Wednesday, July 1, 2015

'අනිත්‍ය' යනු ඇත්තටම කුමක්ද ?

මම ඉතාම කෙටියෙන් කියන්නම්.

අනිත්‍ය කියන්නෙ ඇතිවු තැනම නැතිවීම.ඇසේ ස්පර්ශය එතනම නැතිවෙනව.විඤ්ඤාණය
විසින් නාම-රූපයක් ලෙස ස්පර්ශය මනසට ගෙනියනව.මනසේ මනසිකාරයක් හදනව.ඒ අර
ඇසේ වැටුන චායාව නොවෙයි.මනෝ සංකල්පයක්.ඒකට තමයි කැමති අකැමැති
වෙන්නෙ.අවිද්‍යාව නිසා අනිත්‍ය වු සැබවින්ම නැති දෙයක් සංඛාර කිරීම තමයි
දුක. කැමති / අකැමැති කතාව තියෙන්නෙ තණ්හාව නිසා.තණ්හාව නැති කරන්න බැහැ
අවිද්‍යාව පවතිද්දි. අනිත්‍ය,දුක්ඛ ,අනාත්මය නොදැකීම තමයි අවිද්‍යාව.මේක
හැකිනම් තේරුම් ගන්න.

සැමට තෙරුවන් සරණයි !




© Sarath Kohilawaththage

No comments:

Post a Comment