Tuesday, April 14, 2015

62 ක් වූ මිත්‍යාදෘෂ්ටි...

දීඝ නිකායේ මුලටම තියන බ්රහ්මජාල සුත්රයේ බුදුන්වහන්සේ විසින් 62 ක්වු මිත්යා දෘෂ්ඨි ගැන දේශනා කරනව.ඇයි හරියටම 62 ක් වුනේ?මේක විසදගන්න ඕනෙ,සාමනේර බණ පොතෙන්.එතන තියනව 1 සිට 9 දක්වා සංඛ්යා වලින් කියවෙන ධර්මය කුමක්ද කියල. ඒ අනුව 6 නම් සලායතනයනය.චක්ඛු,සෝත,ඝාණ,දිව්හා,පොට්ඨබ්බ,මන යන ආයතන 6 තමයි සලායතන.6 ක් තිබුනට ලොක්කා තමයි මනායතනය.අනිත් පහම සේවය කරන්නෙ මනායතනය සදහායි.අනිත් පස් දෙනා පස් ආකාරයක තොරතුරු මනායතනයට සපයනව.ඒ ඔක්කොම නාම-රූප කියන සංකේතයට පෙරලල තමයිමනායතනය වාර්තා කර ගන්නෙ. ඔය නාම-රූප දෙක තමයි 62 කියන තැන 2 ඉලක්කමෙන් නියෝජනය වෙන්නෙ.මේ ලෝකෙ තියන ආගම්,දර්ශන,විද්යා,දැනුම යනාදි සියල්ල්ලම ඔය 62 ට යටත්.සලායතන සහ නාම-රූප දෙක ඉක්මව ගිය කිසිවක් හෝ කිසිවෙක් හෝ බුදුන්වහන්සේ පහළ වන විට මේ තුන් ලෝකයේම හිටියෙ නැහැ. බුදුන්වහන්සේගේ විශේෂත්වය මෙම බඹ දැල ඉරාගෙන පටිච්ච සමුප්පාද චක්රයෙන් මිදී මෙතෙක් නෑසු,නොදුටු ධර්මයක් දේශනා කිරීමයි."පුබ්බේ අන්නුත්ස්සුතෙසු ධම්මෙහි චක්ඛුං උදපාදි,ඤානං උදපාදි,පඤ්ඤා උදපාදි,විජ්ජා උදපාදි,ආලොකො උදපාදි කියල මුලු තුන් ලෝකයටම සම්මා දිට්ඨිය විවර කලේ,මැදුම් මග විවර කලේ,නිර්වාන මග විවර කිරීමයි. එතෙක් මුලු ලෝකයාම පැටලී සිටියේ මේ 62 ක්වු බඹ දැලෙහිය.අදත් සියලු ආගම්,දර්ශන,මිනිස් දැනුම සියල්ලම මනස ඉක්මවා නොයයි.නාම-රුප ඉක්මවා නොයයි.මේ එකට තියන නාම-රූප දෙක දෙකක් කොට වෙන් කර, මනස ඉක්මවා යාමෙන්, පමනයි සම්මා දිට්ඨිය පහල වෙන්නෙ.මේ සදහා බුදුන් දෙසු මග පිලිපැදීම අනිවාර්යයි.තෙරුවන් සරණයි!මේ දහම් පදය සම්මත සිංහල අවුරුද්දේ පුණ්ය කාලය ගත කරන ඔබට මෙනෙහි කිරීම සදහායි. © Sarath Kohilawaththage

No comments:

Post a Comment