Monday, April 13, 2015

සසර...

සසර ගමන විශාල වංගු ප්රමාණයක් ඇති කදුකරයේ ගලන ගගකට උපමා කලොත්,ගගදිගේ ඔරුවක් හෝ පාරුවක් පැදගෙන යන්නා දකින්නේ එක වංගුවක සිට අනිත් වංගුව දක්වා ගග ගලන කොටස පමනකි.ජීවිත කාලයක්ද එසේය.ශාරීරික උපතක සිට මරණය දක්වා පමනකි. නමුත් අහසින් යන්නා මුලු ගංගාවම දකියි.ගග ඇරඹෙන තැන සිට මහා සාගරය දක්වාම දැකිය හැකිය.තවත් සුක්ෂණව අහසේ සිට බලන විට මුහුදෙන් සහ ගගෙන් වාෂ්ප වන ජලයෙන් වළාකුලු සැදී කදු මුදුනට වැස්ස මගින් ගෙනයාමෙන් ජලය ගලන චක්රයක්ම දැකිය හැකිය.එවිට මෙහි අගක් මුලක් නැති චක්රයකි..බුදුන් වහන්සේගෙ දැක්ම සහ ප්රතක්ජන දැකීම මෙසේ ආසන්න උදාහරණයකින් කිව හැකිය. © Sarath Kohilawaththage

No comments:

Post a Comment